fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝගම්බර බන්ධනාගාරයේ පහසුකම් වැඩිකරයි

    බෝගම්බර බන්ධනාගාරයේ පහසුකම් වැඩිකරයි

    (නදීක දයා බණ්ඩාර – මහනුවර)

    පල්ලකැලේ පිහිටි බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ ඉතිරිවී ඇති නිල නිවාස සහ රැඳවුන්ගේ නේවාසිකාගාර පහසුකම් මෙම වසර තුළ පුළුල් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

    එහි සංවර්ධන කටයුතු නිම කිරීමෙන් පසු රැඳවුන් 1191කට නේවාසිකව රැදී සිටිය හැකි බවත් රුපියල් මිලියන 250ක වියදමින් බන්ධනාගාරයේ සංවර්ධන කටයුතු සිදුවන බවත් ඒ මහතා කීය.

    බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ නේවාසික පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඉකුත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා කමිටුවට ලිඛිත දැනුම් දීමක් කොට තිබේ.

    බන්ධනාගාරයේ රැඳවුන්ගේ හා නිලධාරීන්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම මේ යටතේ සිදුවන බව ද ඒ මහතා තව දුරටත් එහි පැහැදිලි කොට ඇත.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ කැඳවීම මත මෙම කමිටු රැස්වීම ඉකුත්දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img