fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන මාසේ විදුලි බිලේ වෙනසක්

    ලබන මාසේ විදුලි බිලේ වෙනසක්

    ජුලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකෙරේ.

    ඒ සම්බන්ධයෙන් වන ගාස්තු යෝජනාව මේ සතියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    විදුලි පාරිභෝගික ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ කටයුතු අවසන් කිරීම සඳහා ලංවිම ගාස්තු අංශය සමඟ අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා තිබේ.

    සෑම වසරකම කාර්තුවකට වරක්, වියදම් නිරූපණය වන පරිදි විදුලි අය ක්‍රමවේදය සංශෝධනය කිරීමට පසුගිය වසරේදී රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එලැඹිණ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.