තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන්මිණිතැන්නේ පොලිස් වෙඩිල්ලෙන් බූරු කප්පිත්තෙක් රෝහලට

    රන්මිණිතැන්නේ පොලිස් වෙඩිල්ලෙන් බූරු කප්පිත්තෙක් රෝහලට

    රන්මිණි තැන්නේ නිවසක රහසිගතව කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බූරු පොලක් වැටලීමට ගිය තිස්සමහාරාම පොලීසියේ සැරයන්වරයෙකු සමඟ පොර බැදූ බූරුපොල පවත්වාගෙන ගිය නිවෙස් හිමියා වෙඩි වැදීමකට ලක්ව හම්බන්තොට රෝහලට ඇතුලත්කර ඇත.

    පොලිස් සැරයන්වරයෙකු ඇතුළු තිදෙනෙකුගේ පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රී කාලයේදී මෙම බූරුපොල වැටලීමට ගොස් ඇත්තේ ලද තොරතුරකට අනුවය.

    එහිදී එම බූරුපොලේ රැදී සිටි පිරිස පොලිස් නිලධාරීන් දැක හිස් ලූ ලූ අත පළාගොස් තිබේ. ඉතිරිව සිට ඇත්තේ බූරුපොල පවත්වාගෙන ගිය නිවෙස් හිමියා පමණි.

    එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සමඟ බහින්බස් වී පොලිස් සැරයන්වරයාගේ ඇගේ එල්ලී පොර බදා ඇත. එවිට එම සැරයන්වරයාගේ අතේ තිබුණු රිවොල්වරය පත්තුවී එම පුද්ගලයාගේ උරහිසට වැදී ඇති බව පොලීසිය කියයි.

    මේ වන විට එම පුද්ගලයා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img