තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවේ මිනිස්සු ඉවසීමෙන් කරන කැපවීම ගැන IMF අගයයි

    ලංකාවේ මිනිස්සු ඉවසීමෙන් කරන කැපවීම ගැන IMF අගයයි

    ශ්‍රී ලංකාවේ ජනතාව ඉවසීමෙන් සිදුකරන කැප කිරීම අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා පවසයි.

    ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීම සඳහා ලාංකික ජනතාවගේ මෙම කැපවීම ඔහු අගය කර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හමු වූ අවස්ථාවේ දීය.

    පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සතුට පළ කළ සුබ්‍රමනියම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වේගවත් නැගී සිටීම සම්බන්ධයෙන් බංග්ලාදේශය ඇතුළු රටවල් කරුණු විමසන බවයි.

    විශේෂයෙන්ම බදු ක්‍රමය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් මෙහි දී කරුණු සාකච්ඡා කර තිබේ.

    මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය හුදෙක් ආර්ථික අතින් පමණක් නොව ලොව හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කර ගැනීමට හේතු වූ බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img