fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසාවිය ඇතුළේ ගුටිකෙළි කළ නීතීඥයා අත්අඩංගුවට

    උසාවිය ඇතුළේ ගුටිකෙළි කළ නීතීඥයා අත්අඩංගුවට

    පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු කාර්යාල සහයකයෙකුට අධිකරණය තුළදී පහරදුන් නීතීඥවරයෙකු පොතුවිල් පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල නීතීඥවරයා විසින් දැමූ මෝසමක් ඉදිරිපත් කළ නඩුවකට අදාල නඩුපොත රැගෙන ඒමට ප්‍රමාදවීම මුල්කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය කියයි.

    එසේ නඩු පොතක් ප්‍රමාද වූ බවට අධිකරණයේ සේවකයෙකුට පහරදීම තබා බැනීමටද නොහැකි බවත් නීතීඥවරයා කර ඇත්තේ බරපතල ක්‍රියාවක් බවත් පොලීසිය කියයි.

    මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 01 වෙනිදාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.