තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

    වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

    පොලීසියේ ඉහළ නිලධාරීන්ව දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටියදී සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන්වරයෙකුගේ ගාල්ල නාගොඩ වලකුඹුරේ පිහිටි නිවසට 02 වෙනිදා රාත්‍රී කාලයේ කඩා වැදුණු දෙදෙනෙක් වෙඩි තබා ඇත.

    යතුරුපැදියකින් පැමිිණි ඔවුන් දෙදෙනා නිවස තුළට කඩාවැදී ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනට පැහැරගෙන අහසට වෙඩි තබා පළාගිය බව කියයි.

    වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත.

    ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන සංවේදී විමර්ශන සහ ඒවා සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන් තර්ජනාත්මක හා අසත්‍ය පුවත් ප්‍රචාරය කළැයි කියමින් පසුගිය පෙබරවාරි 12 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැරයන්වරයාව අත්අඩංගුවටද ගත්තේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝගකර තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img