7th Pakistan Army Team Spirit Competition – 2024, තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින රන් පදක්කමක් දිනාගනිමින් ජයග්‍රහණය හිමිකර ගත් අතර ඔවුන් අද (03) දින දිවයිනට පැමිණියහ.
මීට පෙරද මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම් රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් විය.
2024 පෙබරවාරි මස 25 දින සිට 27 දින දක්වා පාකිස්ථානයේ මෙම තරඟාවලිය පැවත්වින.
ඒ සඳහා ඇමෙරිකාව, තායිලන්තය, ටර්කි, සෞදි අරාබියාව, උස්බෙකිස්ථානය, මොරොක්කෝ, කසකස්ථානය, ජෝර්දානය, කටාර් ඇතුලුව රටවල් 12කින් කණ්ඩායම් 22 ක් සහභාගී වූහ.
මෙරට නියෝජනය කල කණ්ඩායමට නිළධාරීන් 3 දෙනෙකු සහ සෙසු නිලයින් 8 දෙනෙකු සහභාගී විය.
ඔවුන්ගේ සුවිශේෂී දක්‍ෂතා සහ කැපවීම මගින් අනෙකුත් තරඟකරුවන් අභිබවා ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වූහ.