නියමිත මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛනගත කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොවින්ගෙන් වී මිලදීගැනීම සඳහා රජය විසින් සහන පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය හා වාණිජ බැංකු කිහිපයක් මගින් ණය මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනූව රජය අනුමත ණය මුදල් ලබාගෙන රජය විසින් නියම කර ඇති අවම මිල ගණන් යටතේ වී තොග මිල දී ගැනීමට කටයුතු නොකරන්නේ නම්, ඔවුන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 900ක මුදලක් සහන පොලී අනුපාතයක් යටතේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.