උද්ඝෝෂණයක් පැවැත්වීමක් සම්බන්ධයෙන් එය පවත්වා මාස දෙකකට පසු ප්‍රකාශයක් ලබාගැනීමට එන්නැයි ජාතික ජනබලවේගයේ නායිකාවන් පිරිසකට වැලිකඩ පොලිසියෙන් කැඳවීමක් කර ඇතැයි වාර්තා වේ.
හෙට (05) සවස 3.00ට පොලිසිය හමුවේ කට උත්තරයක් ලබාදෙන ලෙස හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි යන අයට වැලිකඩ පොලිසිය විසින් දන්වා ඇත.
පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණය සම්බන්ධයෙන් කටඋත්තර ගැනීමට මෙසේ කැඳවා තිබේ.