තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනතුරු නිසා අධිවේගයට අලුත් වේග සීමාවක් එයි

    අනතුරු නිසා අධිවේගයට අලුත් වේග සීමාවක් එයි

    මන්දගාමීව ධාවනය වන වාහන හේතුවෙන් අනතුරු සිදුවන බැවින් අධිවේගී මාර්ගවල අවම වේගසීමාවක් පැනවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

    සති දෙකක් ඇතුළත නව නීති රීති ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා කියයි.

    උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100 ලෙස පනවනු ලැබුවද තවමත් අවම වේගයක් පනවා නොමැති බව සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සිහිපත් කළේය.

    බොහෝ අනතුරු සිදුවන්නේ සෙමෙන් ධාවනය වන වාහන පසුකර යාමේදී බවත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා අවම වේග සීමාවක් සකස් කිරීම වැදගත් බවත් ඔහු පැවසීය.

    අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පොලිසිය වැනි අදාළ ආයතන සමඟ මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ බව හෙතෙම කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img