තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහකන්නයේ වී මිලට ගන්න සහන පොලී ණයක්

    මහකන්නයේ වී මිලට ගන්න සහන පොලී ණයක්

    මහ කන්නයේ (2023/24) වී මිලදී ගැනීම සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

    ඒ අනුව, පසුගිය වර්ෂ 05ක මහ කන්නවලදී එක් එක් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය නිෂ්පාදනය පාදක කරගනිමින් ණය අරමුදල් වෙන්කරනු ඇත.

    යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කරනු ලබයි.

    සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා උපරිම මිලියන 50ක්ද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 25ක්ද වන පරිදි ණය මුදල් ලබාදෙනු ඇත.

    ණය ආපසු ගෙවීමේ කාල සීමාව දින 180කි.

    15%ක් වන වාර්ෂික පොළී අනුපාතයෙන් 4%ක් මහා භාන්ඩාගාරය විසින් දරනු ලබන බවයි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

    ඒ අනුව යෝජීත වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img