fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිරේ යන්න නියම වුණත් දුමින්ද සිල්වා තාම රෝහලේ

    හිරේ යන්න නියම වුණත් දුමින්ද සිල්වා තාම රෝහලේ

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ගෙවිමින් සිටියදී ජනපති සමාව ලබා නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ එම ජනපති සමාව බලරහිත කරමින් දඬුවම යළි ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාරය වෙත නියෝග කළේය.

    2011 වසරේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සිදුවිය. දුමින්ද සිල්වා තවත් සිව් දෙනෙකු සමග මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබුවේ 2016 වසරේ දී ය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එවකට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනපති සමාව ලබාදී නිදහස් කරන ලද්දේ 2022 වසරේදී ය.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ දුමින්ද සිල්වා මහතා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණය ඇතුළු අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් කළ කර ඇත.

    එහෙත් දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබුණේ එම රෝහලේම ප්‍රතිකාර ගත යුතු බවයි.

    සබැඳි පුවත්
    දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව බලරහිත කරමින් උසාවි තීන්දුවක්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img