fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වැඩකරන්නේ ධීවරයින් රැකගැනීම ගැන කිසිම අවබෝධයක් නැතුව"

    “මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වැඩකරන්නේ ධීවරයින් රැකගැනීම ගැන කිසිම අවබෝධයක් නැතුව”

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙරට ධීවර ක්ෂේත්‍රය වර්ධනය කිරීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයක් තොරව කටයුතු කරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා චෝදනා කරයි.

    ඒ අනුව ධීවරයින් රැකබලා ගැනීමට හැකිවන වැඩපිළිවෙලක් සකස්කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමත්ව නොමැති බවද අමාත්‍යවරයා පෙන්වාදේ.

    මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් සහ අභිමානයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින් සමඟ ඊයේ (17) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රිකයේ හැදී වැඩුණු තැනැත්තෙකු වශයෙන් තමන්ට ධීවර වෘත්තිකයින් පිළිබඳ මෙන්ම ඔවුන් සිය වෘත්තියේ නියැලීමේදී අත්විදින අභියෝග සම්බන්ධයෙන් මනා අවබෝධයක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ලෝකයේ වෙනත් රටවල ධීවරයෙක් වුනත් ජලනල කාර්මිකයෙක් වුනත්, දොස්තර වුනත්, ඉංජිනේරුවා වුනත් සාමාජයේ එක හා සමාන වරප්‍රසාදවලට හිමිකම් කියන බවද හෙතෙම පැවසීය.

    ඒහෙත් මෙරට තුල ජාති, ආගම්, කුල මෙන්ම වෘත්තීන් වශයෙන්ද බෙදීම් පවතින බවත් ඒ සියල්ල දේශපාලන වාසි ලබාගැනීමට සකස් වූවන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එබැවින් මෙරට සියලුම වෘත්තීන් හට නිස ගරුත්වයක් සහ රැකවරණයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ගරු සරු වැඩසටහන හඳුන්වා දුන් බවද හෙතෙම පැවසීය.

    ගරු සරු යටතේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනා හට සිය වෘත්තීයේ ගරුත්වය සහ වෘත්තීය භාවය වර්ධනයට කවුන්සිලය පිහිටුවීම මේවන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    “මෙහිදී වැදගත්ම කාරණය වන්නේ මේක වෘත්තීය සමිතියක් නොවීමයි. මේක වෘත්තීය කවුන්සියලයක්. මෙහිදී ඔබ තමයි ධීවරයා කියන්නේ මෙවැන්නෙක් ඊට අදාලව සැපරිය යුතු කාරණයා මේවායි කියලා තීරණය කරන්නේ. ඔබ හදලා දෙන රෙගුලාසි අමාත්‍යවරයා විදිහට ගැසට් කරන්න මට බලය ලැබිලා තියෙනවා.ඇත්තම කතාව වෙන්නේ අද වෙනකොට ඕනෑම අයෙකුට ධීවරයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම අයෙකුව බෝට්ටුවට දාගෙන යනන් පුළුවන්. ඒත් මේක ඊට එහා ගිය වෘත්තිකත්වයක් තියෙන දෙයක්.

    එහිදී වෘත්තීය මට්මටම් කොයි විදිහේ ස්වරූපයක් ගතයුතුද කියන කාරණය ඔබම යෝජනා කරලා ඊට අදාල බලපත්‍ර ක්‍රමයක් ඔබ විසින්ම ක්‍රියාත්මක කරනවා.ධීවරයින්ට වැඩ කරගන්න බැරි වුන කාලෙක, රස්සාව අහිමි වුන කාලයකදී මේ අයව බලාගන්න ක්‍රමයක් ඇති කිරීමට අදාලව ක්‍රමවේදයක් ඇති කිරීමටයි අපි මේ කටයුතු කරන්නේ.අපි මාස තුනක් ඇතුලත රටේ සමස්ථ ශ්‍රම බලකායටම සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට අදාල වාර්තාව ලබාදෙන්න කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුනා. ඒ හරහා අපි දැනට ක්‍රියාත්මක කෘෂි රක්ෂණ, ගොවි රක්ෂණ වගේ විවිධ රක්ෂණ ක්‍රමත් විවිධ ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. වගේ විවිධ අරමුදල් සියල්ලම එකට එකතු කරමින් සියලුම වැඩකරන ජනතාව එකට එකතු කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට අදාල යෝජනාවලිය විශේසඥ කමිටුවක් විසින් සකස්කරමින් පවතිනවා.

    ඒ වගේම රට වටේම මුහුද තියාගෙන පිටරටින් සැමන් ගේනවා. පිටරටින් එන සැමන්වලට බදු ගහන්නේ කිලෝ එකකට රුපියල් සියයක් දෙසීයක් වගේ මුදලක් ඒක අය කරන්නේත් වතුරවල බර අඩු කරලයි.. ඒත් රට ඇතුලේ ෆැක්ට්‍රියක් හැදුවොත් ඒකට සියයට 18 වැට් බද්දක් ගහනවා. ඒ බද්ද ගහන්නේ ආණ්ඩුවයි. අපි තමයි මේකට අත උස්සල තියෙන්නේ. හැබැයි මේක හදලා එවලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් විසින්. ඒ අය දන්නේ නැහැ ධීවරයාව රැක බලාගන්න නම් කොයි විදිහටද වැඩ කරන්න ඕනේ කියලා.”

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img