fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවලෝකීතේශ්වර නාඩගම්කරු අධිකරණයට

    අවලෝකීතේශ්වර නාඩගම්කරු අධිකරණයට

    අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස තමාව හදුන්වාදෙමින් බුදු දහම විකෘතිකරමින් දේශන පවත්වමින් බෞද්ධ ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිකරමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අද (15) අත්අඩංගුවට ගත්තේය.

    ත්‍රීරෝද රථයක නැගී ගමන්කරමින් සිටියදී පන්නිපිටියේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    බෞද්ධ ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවන ආකාරයට කටයුතු කිරීම, පරිගණක අපරාධ පනතේ මහජන කැළඹීමක් ඇතිවන ආකාරයට කටයුතු කිරීම, මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවටගත් බවත් ඔහුව හෙට (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්වා බවත් පරිගණක අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.