කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක දේශනයකට පැමිණි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දේශනය අවසන් කර ආපසු යද්දී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් දැඩි විරෝධයක් එල්ල කර තිබේ.
ඔහු ගමන් ගත් මෝටර් රථය නතර කළ සිසුහු ඔහුට බැන වදිමින් සහල් මාෆියාකරුවන්ට විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වීමට සුදුසුකම් නැතැයි චෝදනා කර ඇත.
පසුව විරෝධය එල්ලවන තැනට පැමිණි ආචාර්යවරු කිහිපදෙනෙක් සිසුන් සමඟ සාකච්ඡා කොට ඩඩ්ලි සිරිසේන මහතාට එම ස්ථානයෙන් පිටතට යාමට අවස්ථාව සලසා ඇත.