මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල වැනි සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බව හෙතෙම පෙන්වාදේ.
මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාලව පිහිටවූ කමිටු වාර්තාව ඉදිරි මාස තුනක් තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (10) දින ජල නල කාර්මිකයින් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවති හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,
” සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට දායක නොවන සියලුම වැඩකරන ජනතාව සමාජ ආරක්ෂණ ජාලයකට ගොනු කරන වැපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. ඊට අදාල කමිටුවේ පළමු හමුව පසුගියදා පැවැත්වුනා.
මාස තුනක් හතරක් යනකොට අපි කැබිනට් මණ්ඩලයට ලංකාවේ ශ්‍රම බලකායේ සියලුදෙනා සමාජ ආරක්ෂණ ක්‍රමයකට ඇතුලත් කිරීම ගැන ක්‍රමවේදයක් ගැන ඉදිරිපත් කළයුතුයි. ඊට අදාල කටයුතුත් අපි මේවන විට කරමින් යනවා.
මෙහිදී රැකියා අහිමිවූ අවස්ථාවකදී හිමිවෙන රක්ෂණ ක්‍රමවේදයක්, දෑත වාරු නැති කාලයේදී ඔවුන්ව බලා ගන්න ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමටයි අපි කටයුතු කරන්නේ. මේ සඳහා ඉන්දුනීසියාවේ, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, වගේ විදේස් රටවල් කටයුතු කරන ආකාරයන් ගැනත් හොදින් අධ්‍යනයක් කරලා ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙත් සහයත් අරගන්න නිසි තින්දු තිරණ ගන්න අපි සූදානම් වෙලා තියෙනවා.
මින් පසුව අපි බලාපොරොත්තු වෙන්නේ ඊ.පී.එෆ් කියලා වෙනම අරමුදලකුත්, ඊ.ටී.එෆ් කියලා වෙනම අරමුදලකුත් වගේම අර රක්ෂණ මේ රක්ෂණ, කෘෂි රක්ෂණ කියලා විවිධ රක්ෂණ ක්‍රම මොකවත් නැතිව රටේ හැම වැඩකරන අයෙකුටම පොදු එක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල කරමිනුයි සිටින්නේ.මාස තුනත් හතරක් ඇතිව මේවා සකස් කරන්න අපි කටයුතු කරනවා.”