fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"සජබට -සජසට එක්වන අයට ඇමතිකම්, තනතුරු නෑ"

    “සජබට -සජසට එක්වන අයට ඇමතිකම්, තනතුරු නෑ”

    සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයට විවිධ පුද්ගලයන් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණක් බවත් කිසිදු අයකුට කිසිදු ඇමතිකමක්, තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකම් ලබා නොදෙන බව විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඔහු පෙන්වාදෙන්නේ මෙම සන්ධානයට ගනු ලබන්නේ සමගි ජන බලවේගය පිළිගන්නා මැද මාවත අනුව කටයුතු කරන පිරිස මිස, වරදාන වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරු රඳවා ගැනීම සහ බඳවා ගැනීම සිදුනොකරන බවත් ය.

    එම සංස්කෘතියට නැවතීමේ ළකුණ තබා ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

    සමාජවාදයෙන්, අන්ත වාමවාදයෙන්, කොමියුනිස්ට්වාදයෙන් මෙන්ම ධනවාදයෙන් ද රට ගොඩගත නොහැකි බවත් ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මූලික කරගත් මානුෂීය ධනවාදයක් ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම කියයි.

    එබැවින් මෙම සන්ධානය ඇති කිරීමේ දී කිසිදු වරදාන වරප්‍රසාද ලබා නොදෙන බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව සේවය කළ හැකි පිරිස පමණක් බඳවා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (4) කැස්බෑව ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img