fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්තල ගුවන්තොටේ මෙහෙයුම් රුසියානු-ඉන්දියානු සමාගමකට පවරයි

    මත්තල ගුවන්තොටේ මෙහෙයුම් රුසියානු-ඉන්දියානු සමාගමකට පවරයි

    හම්බන්තොට, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියානු හා ඉන්දීයානු ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර තිබේ.

    වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි.

    ඒ අනුව ඉදිරියේදි එම සමාගම සමග ගිවිසුමකට එළඹීමට නියමිතයි.

    මේ යටතේ මත්තල ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අදාළ සමාගම විසින් සිදු කරනු ඇති.

    එහි සේවයට යොදවා ඇති ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම ද එම සමාගම විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා පැවසීය.

    ඔහු සඳහන් කළේ, ලැබෙන අදායමෙන් කොටසක් රජයට හිමිවන බවයි.

    මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නඩත්තුවට වාර්ෂිකව රජය රු. මිලියන 2000ක් වැය කරන අතර නව වැඩපිළිවෙළත් සමග එම මුදල ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.