fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිලිපීන භූ කම්පනයෙන් ගැබිනියක මරුට -පසු කම්පන 800ක් -ඉදිරියටත් භූ කම්පන

    පිලිපීන භූ කම්පනයෙන් ගැබිනියක මරුට -පසු කම්පන 800ක් -ඉදිරියටත් භූ කම්පන

    පිලිපීනයේ මින්ඩනාඕ හි සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් එක් අයකු මියගොස් 4 දෙනකු තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක ප්‍රධානියා පවසා තිබේ.

    මිය‍ගොස් ඇත්තේ ගැබිනි කාන්තාවකි. භූමිකම්පාවෙන් පුද්ගලයන් 2,600 ක් පමණ විපතට පත් වූහ.

    පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන පරිදි ඒකක 7.9 ප්‍රබල භූ කම්පනයෙන් පසුව මැග්නිටියුඩ් 1.4 සිට 6.4 දක්වා වූ පසු කම්පන 819ක් වාර්තා වී තිබේ.

    ‘මධ්‍යස්ථ සිට ප්‍රබල’ දක්වා වන මට්ටම්වල පසුකම්පන ඉදිරි දින කිහිපයක් හෝ මාස කිහිපයක් දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර අවට පළාත්වලට පවා දැනේ යැයි එම ආයතනය කියාසිටී.

    භූමිකම්පාවෙන් පසුව සුනාමි අවදානම් අනතුරු අඟවා තිබූ අතර ප්‍රදේශ කිහිපයකට සුනාමි සිදුවීම් ඇති කළ බව බලධාරීහු තහවුරු කළේය.

    කෙසේ වෙතත්, එය සුනාමිය ‘විනාශකාරී නොවන’ බව අවධාරණය කළේය. පසුව සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img