ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ඒ අනුව මෙම නව නිපුනතා පරීක්ෂණය මගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජපානයේ සේවය කිරීමට කම්කරුවන් සඳහා වන නිශ්චිත පුහුණු පරීක්ෂණය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහාද අද දින සිට මෙරටට හඳුන්වා දීම නිමිත්තෙන් මෙරට ජපාන තානාපති මිසුකෝෂි මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ ඒම් හිල්මි මහතා සමඟ එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වු අවස්ථාවේදීය.
ඒ අනුව ඉකුත් වසරේ සිට දැනටමත් ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර ක්ෂේත්‍රවල සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ දැන්ටමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.
මෙරට ආර්ථික අර්බුදය උග්‍රව පැවති අවස්ථාවේදී ජපානය විසින් කොන්දේසි විරහිතව උපකාර කළ බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා පෙරමුණ ගත් බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
“ජපානය දශක ගණනාවක සිට අපේ රටට විශාල වශයෙන් සහය ලබාදුන්නා. විශේෂයෙන්ම අපි දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා රට බංකොලොත් භාවයට පත්වුන අවස්ථාවේදී අනෙකුත් රටවල් වලටත් නායකත්වයක් ලබාදෙමින් පැරිස් සමාජය ඇතුලේ වගේම අනිත් සෑම ස්ථානයකදීම ණයකරුවන් අතරේ සාකච්ඡා කිරීම් වලට නායකත්වය අරගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැවන්ත දායකත්වයක් ලබාදුන්නා. ඒ අනුව ජපානය අපිට ලබා දුන්න සහයට ජපාන අග්‍රමාත්‍යවරයා ඇතුළු එරට සියලුම ජනතාවට ස්තූතිය පළකරනවා” යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරි දශකය තුලදී ජපානයේ විදේශ රැකියා අවස්ථා සඳහා විශාල වශයෙන් විවෘත වනු ඇති බවත් එහි උපරිම ඵල නෙලා ගැනීමට මෙරට තුල ජපන් භාෂා ප්‍රවීනතාවය වර්ධනය කරගැනීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහි එක් පියවරක් වශයෙන් මෙරට පාසල් විෂය මාලාවට ජපන් භාෂාව ඇතුලත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම් දැනටමත් සිදුවන බවද හෙතෙම පැවසීය.
ජපන් භාෂාව ප්‍රවිණතාවය ඉහළ නැංවීම මගින් ජපානයේ රැකියා අවස්ථා වර්ධණය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විශාල කාර්යක් ඉටු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර එමගින් ඉදිරියේදී තවත් ජපාන වෙත ක්ෂේත්‍ර රැසකට නිපුනතා සහිත ශ්‍රමිකයින් යොමු කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය