fbpx
තවත්
    මුල් පිටුවspecialනවදිල්ලි වායු දූෂණය සහ කෘත්‍රිම වැස්ස

    නවදිල්ලි වායු දූෂණය සහ කෘත්‍රිම වැස්ස

    ලොව ඉහළම වායු දූෂණයක් තිබෙන නගරය වන්නේ ඉන්දියාවේ නව දිල්ල අගනුවරයි. එය කෙතරම් බරපතල කියතොත් ඇතැම් විට සමස්ථ නගරම විශාල මීදුමකින් වැසීයන තරම් නවදිල්ලියේ වායු මට්ටම පිරිහී ඇත. මෙලෙස නව දිල්ලියේ වාය තත්ත්වය පිරිහීමත් සමඟම නරගයේ දෛනික කටයුතු රැසක් ඇණි හිටීමද සමාන්‍ය තත්ත්වයකි.

    එහිදී පාසල්, කාර්යාල වසා දැමීමටත් නගරයේ ගමන් කරන රථවාහන සීමා කිරීමටන නගරයේ බලධාරීන් පියවර ගනී. එහෙත් ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයට සමාන පිරිසක් වෙසෙන නවදිල්ලි නගරයේ වායු දුෂණය හුදෙක් වාහන ධාවනය කිරීම පාලනය කිරීමෙන් පමණක් නවතා දැමිය නොහැකිය.

    සාමාන්‍යයෙන් නව දිල්ලි නගරයේ වායු දූෂණය වර්ධන වන්නේ ශීත සමය ලඟාවීමත් සමගය. ඊට හේතුව නව දිල්ලියට නුදුරනේ පිහිටි ප්‍රදේශ වල ජනයා සීත සමයේදී උණුසුම ලබා ගැනීමට විශාල වශයෙන් දර භාවිතා කිරීමයි. මෙහිදී නිකුත් වන දුම් ද නව දිල්ලි නගර වෙත පැමිණෙන අතර එහි භූ පිහිටීමත් සමඟ නගරයෙන් පිටතට එම දුම් වලාවන් ගමන් කිරීමට නොහැකි වන ආකාරයේ භූ පිහිටීමක් පැවතීමයි.

    ඒ අවුය ඉකුත් සතියේ නව දිල්ලිය විෂ වායුන්ගෙන් වැසීයාමත් සමඟම නව දිල්ලි පරිසර අමාත්‍යවරයා පවසා සිටියේ කෘතිම වැසි ඇති කිරීම මගින් වායු දූෂණය පහත හෙලීමට කටයුතු කරන බවයි.

    කෙසේ වෙතත් මෙම කටයුත්ත ප්‍රථමයෙන් සැලසුම් කළ පරිදිම සිදු කිරීම යම් ආකාරයකින් අභියෝගයක් වී තිබේ. ඊට හේතුව වන්නේ නව දිල්ලි නගරය පුරා කෘතිම වැසි ඇති කිරීමට ඉන්දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබා ගැනීමටත් මධම රජයේ අමාත්‍යංශවලින් අවසර ලබා ගැනීමටත් සිදුවීමයි.

    එහෙත් මෙම අවසරයන් ලබා ගැනීමට හැකි වුවහොත් මෙම මස අවසානය වන විට නව දිල්ලි අහස තෙත බරිත කිරීමටත් එමගින් නගරය වසාගෙන තිබෙන විෂ වායුන් පාලනය කිරීමටත් හැකියාව උදාවනු ඇති බවට ඉන්දීය විශේෂඥයින් පවසයි.

    කෘතිම වැසි අති කිරීම යනු වර්ෂාව ඇති කිරීම සඳහා වලාකුළුවල තෙතමනය ඝනීභවනය වීම වේගවත් කරන තාක්ෂණයකි. එය සිදු කරනු ලබන්නේ වලාකුළු මත රඅයඩයිඩ් හෝ ක්ලෝරයිඩ් වැනි අංශු ඉසීමෙන්ය. එය ගුවන් යානා හෝ භූමියේ සිට ඉහළට විසිරීම මගිනි.

    ලවණ කැටිති අයිස් න්‍යෂ්ටික අංශු ලෙස ක්‍රියා කරන අතර එමඟින් වලාකුළු තුළ අයිස් ස්ඵටික සෑදීමට හැකියාව නිර්මාණය වේ. එවිට වලාකුළුවල ඇති තෙතමනය මෙම අයිස් ස්ඵටිකවලට ඇදී ගොස් ඝනීභවනය වේ. එමගින් වර්ෂාව ඇතිවේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය සෑම විටම අපෙක්ෂා කළ ආකාරයෙන් ක්‍රියා නොකරයි. මෙම කෘතිම වැසි ඇති කිරීමේදී වායුගෝලීය තත්ත්වයන් හරියටම නිවැරදි විය යුතු බවත් වාතයේ ගුණාත්මකභාවය නිසි පරිදි පැවති යුතු බවද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    මෙම වැඩසහන සඳහා වූ ව්‍යාපෘති සැලැස්ම ඉන්දියාවේ ඉහළම ඉන්ජිනේරු විද්‍යාලයක් වන කාන්පූර් හි ඉන්දියානු තාක්ෂණ ආයතනය හෙවත් අයි.අයි.ටී ආයතනයයි. ඔවුන් ඉදිරිපත් කර ඇති සැලැස්මට අනුව මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සිදු කිරීමට නියමිතය.

    එහිදී පළමු අදියර යටතේ වර්ග කිලෝමීටර් තුන්සීයක් පමණ ආවරණය කිරීමටද අපෙක්ෂිතය. විද්‍යාඥයින් යෝජනා කර ඇති ආකාරය මේ සඳහා වඩාත් උචිතම කාලගුණ තත්ත්වය මේ මස 20 සහ 21 දෙදින උදාවේ, එබැවින් එම දිනයන් දෙක තුලදී මෙම ක්‍රියාවලිය කලයුතු බවද ඔවුන් එහිදී පෙන්වා දී ඇත.

    ව්‍යාපෘතිය මෙහෙයවන විද්‍යාඥ මනින්ද්‍ර අග්‍රවාල් රොයිටර් පුවත් සේවයට පැවසුවේ අදාල දිනවල දිල්ලි නගරය සම්පූර්ණයෙන් වැසීමට ප්‍රමාණවත් වලාකුළු බලාපොරොත්තු නොවූවත්, කිලෝමීටර් කීපයක් වැසී යන ආකාරයේ වළාකුළු පැවතිය හැකි බවයි.

    මෙම සමස්ථ වැඩ සටහනේම තාර්කිකත්වය යන්නේ මෙම වැඩි හේතුවෙන් වායුගෝලයේ ඇති අංශු ඉවත් කිරීමට උපකාරී වන බවත් එමගින් නව දිල්ලිය තුල ජනයාට සමාන්‍ය පරිදි සිය දිවිපෙවෙත ගත කිරීමට හැකියාවක් උදාවනු ඇති බවට වු උපකල්පනයයි.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ කෘතිම වැසි මගින් වායු තත්ත්වයේ ගුණාත්මකභාවය ඉහළ දැන්වීමට හැකියාවක් පවතින බවට තහවුරු කිරීමට තරම් වූ ප්‍රමාණවත් පරීක්ෂණ දත්ත නොමැති බවයි. ඒ අනුව නව දිල්ලි වායු දූෂණ මෑති කාලයේදී නිමා කිරීමට හැකි වනු ඇති බවට නම් අපෙක්ෂා කළ නොහැකියි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.