රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් මාසිකව එකතු කිරීමට 2024 අයවැයෙන් යෝජනා කෙරේ.
ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රු. 7,800 සිට රු. 17,800 දක්වා වැඩිවනු ඇත.
විශ්‍රාමිකයින් සඳහා මාසිකව ලබාදෙන ජීවන වියදම ලබන අප්‍රේල් මස සිට රු.2,500කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ.
වැඩි කරන ජීවන වියදම ලබන අප්‍රේල් මාසයේ සිට වැටුපට එක් කෙරේ.
2024 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වූ හිඟ ජීවන වියදම ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට වාරික වශයෙන් එකතු කෙරේ.
මේ අනුව රාජ්‍ය වියදම්වලින් 35%ක් රජයේ සේවකයන්ගේ වැටුප් සඳහා වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මේ වනවිට මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අයවැය යෝජනාවේදදී මේ බව පැවසීය.
අයවැය කතාව මෙතැනින්. අයවැය කතාව සජීවීව..