බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන්පාලම වෙනුවට නව ඉදිකිරීමක් සිදුකරන තෙක් තාවකාලිකව ඉදිකළ යකඩ පඩිපෙළ අද දින සේවක මහත්වරුන් දෙදෙනකු අතින් විවෘත කර තිබේ.
අද පෙරවරුවේ දී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බම්බලපිටිය මගී ගුවන් පාලම නිරීක්ෂණයට සහ තාවකාලික මගී ගුවන් පාලම විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි විය.
මෙහි පැවති අවදානම් තත්ත්වය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ඡායාරූප පළවී කතාබහට ලක්වීමත් සමඟ, බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන්පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුනි.
එතෙක් දින 10ක් ඇතුළත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.
දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කිරීමටත්, නව පාලමේ ඉදිකිරීම් මාස පහක් ඇතුළත අවසන් කිරීමටත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
අද දින විවෘත කළ තාවකාලික පඩිපෙළ ඉදිකෙරුණේ ද නව පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා ය.









සබැඳි පුවත් බම්බලපිටිය දුම්රිය මගී ගුවන්පාලම වහාම ඉවත්කරන්න ජනපති නියෝග