fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ හිටපු අගමැති අභාවප්‍රාප්ත වෙයි

    චීනයේ හිටපු අගමැති අභාවප්‍රාප්ත වෙයි

    චීනයේ හිටපු අගමැති ලී කච්‍යං අභාවප්‍රාප්ත වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    ඉකුත් වසරේ විශ්‍රාම යන තෙක්ම ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස කටයුතු කළේය.

    එරට මාධ්‍ය සඳහන් කළ ආකාරයට ඊයේ (26) දිනයේ හදිසි හෘදයාබාධයකට ලක්වන විට ඔහු ෂැංහයි හි විවේකීව කාලය ගත කරමින් සිට ඇත.

    කිසිඳු දේශපාලනික සහයක් හෝ පවුල් පසුබිමක් නොමැතිව වුවද ලී චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරියටම පැමිණීමට සමත් වූ අතර එක් අවස්ථාවකදී ජනාධිපතිගේ ඉහළම භූමිකාවට පවා යොමු විය.

    ආර්ථික විද්‍යාඥයෙකු වන ඔහුට මුල් අවස්ථාවෙදී චීනයේ ආර්ථිකයේ පාලනය ලබා දී ඇති නමුත් විශ්ලේෂකයින් පැවසුවේ චීන ජනාධිපති ෂී ජින් පිං තමා වටා බලය එක්රැස් කර ගැනීමත් සමඟ ලී සතු වගකීම් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න