fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිං- නිල්වලා ආයෙත් පිටාර යයි- ගංවතුර අවදානමක්

    ගිං- නිල්වලා ආයෙත් පිටාර යයි- ගංවතුර අවදානමක්

    නිල්වලා සහ ගිං ගංඟා ගංවතුර අවදානම් මට්ටමක පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ පුරෝකතනයට අනූව නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.

    මේ අනූව කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න