ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයේදි නව නායකයෙකු බිහිවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පවතින නායකත්වය සැමදා නොපැවතිය යුතු බවත් ජනතාව අපේක්ෂා කරන්නේ නව නායකත්වයක් යැයි අද (11) මහනුවර දී ඒ මහතා කීවේය.
මහනුවරට පැමිණි ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය. එහිදි ඒ මහතා පිළිගන්නා ලද්දේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.
අප සමඟ රැදී සිට ඉදිරි කටයුතුවලදී සහයෝගය ලබා දෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුමේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඉවසිලිවන්තව රැදී සිටීම ඉතා වැදගත් යැයි කී හෙතෙම, ජනතා ඉල්ලීම් ඉටු කිරීම වැදගත් යැයි ද කීවේය.
ඡන්දය කල් දැමීමක් පිළිබදව තමන්ට වාර්තාවී නොමැති නමුත් ඡන්ද කල් දැමීමක් සිදුවන්නේ නම් එය නිවරැදි නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.