fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගස් කපන්න ඇවිත් ගෙදර බඩුත් එක්ක ජීවිත 2ක් අරන් යයි

    ගස් කපන්න ඇවිත් ගෙදර බඩුත් එක්ක ජීවිත 2ක් අරන් යයි

    මාතර බ්‍රවුන්ස්හීල් ටෙරන්ස්නි හී නිවසක මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කොට නිවසේ දේපල කොල්ලකෑ පුද්ගලයෙකු මාතර පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඝාතනයට ලක්ව ඇත්තේ මාලිම්බඩ පාලටුව ප්‍රදේශයේ පදිංචි 67 වියැති කොටවිල විතාරණගේ විමලාවතී සහ මාතර අබේගුණවර්ධන මාවතේ පදිංචි වයස 70 ක් වන විමලාවතී නොහොත් නිමලා නැමැති කාන්තාව බවට පොලිසිය කියයි.

    ගස් අතු කැපීමට බව සඳහන් කරමින් 25 හැවිරිදි ඝාතකයා ඊයේ පෙරවරු නමයට පමණ නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදුකොට සවස එකට පමණ නිවසෙන් පිටව ගොස් ඇත.

    රන් පැහැති වළලු 12, මාල දෙකක්, රිදී පැහැති හැඳි 2 විදෙස් කාසි 31 ඇතුළු දේපළ මෙසේ සොරාගෙන ඇත.

    අදාල නිවසේ හිමිකාර කාන්තාව උදෑසන මාතර නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයට ගොස් නැවත නිවසට පැමිණි මෙහෙකාරියන් සොයන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා නාන කාමරයේත්, වැසිකිලියේත් ඝාතනයට ලක්ව සිටියදී හමුවී තිබේ.

    නිවසේ ආරක්ෂිත කැමරා පද්ධතියේ DVDR යන්ත්‍රය පවා ඝාතකයා විසින් ගලවාගෙන ගොස් තිබේ.

    මාතර පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් කළ සියුම් විමර්ශනයකින් අනතුරුව සැකකරුව හදුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද දිනයේදී ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න