fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොන් කළ සැප බස් මහ පාරට

    කොන් කළ සැප බස් මහ පාරට

    spot_img

    ධාවනයෙන් ඉවත්කර ඇති අධි සුඛෝපභෝගී බස්රථ 50ක් ඉදිරි මාස 6 තුළ නැවත ධාවනයට එක්කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මෙම බස් රථ ධාවනයේන ඉවත් කර තිබීමෙන් දිනකට ලක්ෂ 50 ක ආදායමක් ලංගමට අහිමි වේ.

    දිනකට රුපියල් ලක්ෂයකට වඩා ශුද්ධ ලාභයක් ඉපයිය හැකි මෙම බස් රථ 50 කට අධික ප්‍රමාණයක් කටුබැද්ද අංගනයේ ගාල්කර තිබේ.

    ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමකින් අනතුරුව ඉතිරි මාස හයක කාලය තුළ මෙම බස් රථ 50 නැවත ධාවනයට එක් කිරීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

    ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතනයේ බස්රථ අංගනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් අමාතවරයා මේ බව කියා සිටියේය.

    ඒ අනුව, ලංගම වෙත විශාල ලාභයක් දෛනිකව අහිමි කරන මෙම බස් රථ කඩිනමින් අලුත්වැඩියා කර නැවත ධාවන තත්ත්වයට පත් කිරීම සඳහා උපදේශකවරයෙකු ලෙස ඉංජිනේරු කුෂාන් වෑගොඩපොල මහතා පත්කර ඇත.

    විවිධ කාර්මික දෝෂ, අමතර කොටස් හිඟය ඇතුළු ගැටළු හේතුවෙන් දැනට ධාවනය සිදු නොකරන බස්රථ පනහකට අධික ප්‍රමාණයක් මෙම අංගනයේ ගාල් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img