ආසියානු කුසලානය 2023 තරගාවලියේ මුහුණ දුන් පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
තරගාවලියේ දෙවැනි තරගය ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අද තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.
එහෙත් බංග්ලාදේශයට බලාපොරොත්තු වූ තරම් ලකුණු සංඛ්‍යාවකට යාමට ඉඩ නොදුන් ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ ඔවුන්ගේ ඉනිම ලකුණු 164කට සීමා කළහ. මතීෂ පතිරණ ලකුණු තිස් දෙකකට කඩුලු 4ක් දවාගත් අතර මහේෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු දෙකක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රිඩකයෝ කඩුලු 5ක් දැවී ජයග්‍රාහි ඉලක්කය සපුරාලීමට සමත්විය. ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. පිතිකරණයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් හා සධීර සමරවික්‍රම ලකුණු 54ක් ලබා ගත්හ.
බංග්ලාදේශය 164/10 (42.4)
ශ්‍රී ලංකාව 165/5 (39)