නෙදර්ලන්තය සතු ශ්‍රී ලංකාව අයත් පුරාවස්තු වල අයිතිය යලි පැවරීම නීතීමය ලියවිලි සඳහා අතසන් තැබීමට එරට සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුනෙයි උස්ලු මහත්මිය එළැඹෙන 27 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
එ් අනුව මෙම වසර අගදී අදාල පුරාවස්තු වල අයිතිම ශ්‍රී ලංකාවට පැමිවීමට නියමිත බවද මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කළේය. මෙලෙස ලබා දෙන පුරාවස්තු අතරට ප්‍රකට ලෙව්කේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක් (උත්සව අසිපත්), සිංහල පිහි, රිදී කස්තාන් සහ තුවක්කු දෙකක් ඇතුලත්ය.
දෙරටටම ඓතිහාසික වැදගත්කමක් සනිටුහන් කරනු ලබන මෙම අවස්ථාව සඳහා මෙරටට පැමිණෙන රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට නියමිතයි. ඒ අනුව ඇය අගෝස්තු 28 වැනි සඳුදා දින ශ්‍රී ලංකා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී නීත්‍යානුකූල අයිතිය පැවරීම අත්සන් කෙරේ. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආගමික සහ ලන්දේසි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතය.
අගෝස්තු 29 වැනි දින සවස 4ට ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී රාජ්‍ය ලේකම්වරිය විසින් මහජන දේශනයක් ද පැවැත්වීමට සැලසුම්කර තිබේ.
2021 වර්ෂයේදී නෙදර්ලන්ත රජය විසින් ඔවුන් සතු සංස්කෘතික උරුමයන් අයති රටවලට යලි ලබාදීමේ ප්‍රතිපත්තියක් අනුමත කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 දෙසැම්බරයේදී, නෙදර්ලන්ත රජය විසින් යටත් විජිත වස්තු ආපසු ලබා දීම තක්සේරු කිරීම සහ පහසුකම් සැලසීම සඳහා ලිලියන් ගොන්සාල්වෙස්-හෝ කැන්ග් යූගේ සභාපතිත්වයෙන් යටත් විජිත සන්දර්භයෙන් සංස්කෘතික වස්තු ආපසු ලබා දීම පිළිබඳ උපදේශක කමිටුවක් පත් කරන ලදී.
ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස 2021 දී, දෙරටේම පර්යේෂකයන් මෙම වස්තූන්ගේ මූලාරම්භය පුළුල් ලෙස අධ්‍යයනය කළහ. 1765 දී මාලිගාව වටලෑමේදී උඩරට රාජධානියෙන් ලන්දේසීන් විසින් කොල්ලකෑමේදී මෙම භාණ්ඩ රැගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සඳහන් කර සිටියේ “නෙදර්ලන්තයේ ජනතාව විසින් කොල්ලකන ලද හෝ වෙනත් ආකාරයකින් වැරදි ලෙස අත්පත් කරගත් වස්තූන් ඔවුන්ගේ නියම අයිතිකරුවන්ට ආපසු ලබා දීමට සදාචාරාත්මක බැඳීමක් ඇති බව විශ්වාස කරයි. ඓතිහාසික තුවාල සුව කිරීමට අතීතයේ වැරදි නිවැරදි කිරීම අත්‍යාවශ්‍ය වේ“ යනුවෙනි.
රාජ්‍ය ලේකම්වරිය අගෝස්තු 31 දක්වා රැදී සිටීමට නියමිත බවද නෙදර්ලන්ත තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.