fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෝලන්තයට හොර පාරෙන් ගිය ලාංකිකයන් පිරිසක් එරට දී අත්අඩංගුවට

    පෝලන්තයට හොර පාරෙන් ගිය ලාංකිකයන් පිරිසක් එරට දී අත්අඩංගුවට

    බෙලරුස් සිට පෝලන්තයට ඊයේ ගිය අනවසර සංක්‍රමණිකයන් 160 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බව විදෙස් පුවත් වාර්තා කරයි.

    දේශසීමා නිලධාරීන් උපුටා දක්වමින් පෝලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ සෝමාලියාව, ඊජිප්තුව, ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 160 දෙනෙකු ඊයේ පෝලන්තයට යාමට උත්සාහ කළ බවයි.

    සිරියානු ජාතිකයින් සිව් දෙනෙකුට සහ බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙකුට පෝලන්තයට යාමට උපකාර කිරීමට උත්සාහ කළ යුක්රේන ජාතිකයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

    නීතිවිරෝධී ලෙස දේශසීමා හරහා ගමන්කිරීම්වලට සහය වීම නිසා මේ වසරේ දී මේ වනවිටත් 500කට අධික පිරිසක් පෝලන්ත දේශසීමා ආරක්ෂකයින් විසින් රඳවාගෙන තිබේ.

    දේශසීමා ආරක්ෂක ප්‍රධානියා පවසන්නේ ජනවාරි මාසයේ සිට පුද්ගලයින් 19,000 ක් නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය කිරීමට උත්සාහ කර ඇති බවයි.

    පසුගිය වසරේ මුළු කාලය තුළ එම සංඛ්‍යාව 16,000 ක් වී තිබුණි.

    මෙම වැඩිවීම නිසා මෙම සතිය මුලදී දේශසීමා ආරක්ෂාව වෙනුවෙන් භටයන් 1,000 අතිරේකව පෝලන්ත රජයෙන් ඉල්ලා සිටීමට නිලධාරීන්ට සිදුවිය.

    ඔබේ අදහස් දක්වන්න.