ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (29) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Missile Corvette වර්ගයට අයත් ‘INS Khanjar’ නෞකාව, දිගින් මීටර් 91 ක් හා නැව් මුළුව 151 ක ගෙන් සමත්විත ය.
නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් NVS Phani Kumar කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ‘INS Khanjar’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු හා ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ය.
තවද, ‘INS Khanjar’ නෞකාව 2023 ජුලි මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත වේ.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නැගෙනහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.




