fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිය නාමින් සිටි කතකගේ නිරුවත වීඩියෝ කල ප්‍රභූ ආරක්ෂකයාට වූ දේ..

    දිය නාමින් සිටි කතකගේ නිරුවත වීඩියෝ කල ප්‍රභූ ආරක්ෂකයාට වූ දේ..

    කාන්තාවක් සිය නාන කාමරයේ දිය නාමින් සිටින අයුරු සිය ජංගම දුරකථනයේ වීඩියෝගත කළ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුව අම්පාර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් සැරයන්වරයෙක් වන මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දහවල් කාලයේදීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ අම්පාරේ පිහිටි නිවස ආසන්නයේ ඇති නිවසක පදිංචි කාන්තාවක් දිය නාමින් සිටින අයුරු මෙම නිලධාරියා විසින් වීඩියෝගත කර ඇති බව පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.