fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞදි අරාබියට පුහුණු ශ්‍රමිකයන් හොයන -නුපුහුණු අය නවතන වැඩසටහනක් අරඹයි

    සෞදි අරාබියට පුහුණු ශ්‍රමිකයන් හොයන -නුපුහුණු අය නවතන වැඩසටහනක් අරඹයි

    spot_img

    ශ්‍රී ලංකාව තුළ නිපුණතා සත්‍යාපන වැඩසටහන (SVP) සෞදි අරාබිය විසින් දියත් කර තිබේ.

    ඒ මෙරට සිට පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ යෝජනා ක්‍රමයක කොටසක් ලෙස බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    මෙම වැඩසටහන සෞදි අරාබියේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය (MHRSD) විසින් එහි වෘත්තීය ප්‍රතීතන වැඩසටහන යටතේ ආරම්භ කර ඇත.

    සෞදි ගැසට් පුවත්සේවය වාර්තා කරන්නේ, වැඩසටහනේ පළමු අදියරේදී නිපුණතා පරීක්ෂාව සඳහා ජලනල කාර්මිකයන්, විදුලි කාර්මිකයන්, ශීතකරණ/වායු සමීකරණ කාර්මිකයන්, මෝටර් රථ කාර්මිකයන් සහ මෝටර් රථ විදුලි කාර්මිකයන් යන වෘත්තීන් පහකට අයත් ශ්‍රමිකයන් තෝරා ගෙන ඇත.

    පාකිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල ද මෙම වැඩසටහන දියත් කර ඇත.

    සෞදි අරාබියේ ශ්‍රම වෙළඳපොළ හැකි උපරිම ආකාරයෙන් නියාමනය කිරීමේ කොටසක් ලෙස එය 2021 ජූලි මාසයේදී මෙය හඳුන්වා දී තිබේ.

    මෙහි පළමු අදියර සෞදි ශ්‍රම වෙළඳපොලේ වෘත්තීය ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් එරට අමාත්‍යාංශය විසින් ඉලක්ක කර ඇති විශේෂීකරණයන් 23 කින් අංශ පහක සේවකයින්ගේ කුසලතා හඳුනාගැනීම අරමුණු කරයි.

    ඵලදායිතාව ඉහළ නැංවීම සහ රාජධානියේ ශ්‍රම වෙළඳපොළට සුදුසුකම් නොලබන වෘත්තීය ශ්‍රමිකයින් ගලාඒම නැවැත්වීම ද අරමුණ බව සෞදි ගැසට් පුවත් වාර්තා කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img