fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවතා දැමුණු පාසල් සිසු රක්ෂණය ආයෙත්

    නවතා දැමුණු පාසල් සිසු රක්ෂණය ආයෙත්

    spot_img

    ‘සුරක්ෂා’ සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    විවිධ හේතුන් මත මෙම රක්ෂණ ක්‍රමය පසුගිය වකවානුවේදී නවතා දැමුණි.

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (10) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් මෙය ක්‍රියාත්මක ය.

    දිවයිනේ සියලු පාසල්වල පාසල්වල අවුරුදු 5-21 වයස් සීමාවේ පසු වන, මිලියන 4.5කට ආසන්න සියලු සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

    මේ රක්ෂණ හිමිකම් යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු.20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැය වන මුළු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු. 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000/- සිට රු. 200,000/-ක් දක්වා ද, මවුපිය වියෝවක දී එක් අයකුට රු. 200,000/- බැඟින් දෙදෙනාට ම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු. 150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමෙන බවට මීට පෙර සඳහන් විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img