fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹටත් දැනුණු භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ

    කොළඹටත් දැනුණු භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ

    හම්බන්තොට සිට ඉන්දීය මුහුදේ ගිනිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අද භූ කම්පනයක් සිදුව තිබේ.

    කම්පනය කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී තිබුණ ද සුනාමියක් ඇතිවීමට ඉඩ අඩු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා පවසයි.

    රිච්ටර් මාපකයේ ඒකක 5.8ක භූ කම්පනයක් මෙලෙස සිදුව ඇත.

    මෙම කම්පනයේ විශාලත්වය සහ අනෙකුත් සාධක අනුව ගොඩනැගිලිවලට හානිවීමට තරම් හෝ කම්පනයක් සිදුව නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

    හම්බන්තොට සිට ඉන්දීය මුහුදේ ගිනිකොන දිසාවට කිලෝමීටර් 1000ක් ඈතින් ගැඹුර කිලෝමීටර් 10කට අඩුවෙන් එහි කම්පනය සිදුව තිබුණේ අද පස්වරු 12.59ට පමණ බව ද ඔහු සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.