fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසාවියේ නඩු භාණ්ඩ ගබඩාවෙන් හෙරොයින් ඉස්සූ සේවකයින්ට වූ දේ..

    උසාවියේ නඩු භාණ්ඩ ගබඩාවෙන් හෙරොයින් ඉස්සූ සේවකයින්ට වූ දේ..

    කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ නඩු භාණ්ඩ ලෙස තිබුණු හොරොයින් ඇසුරුම් දෙකක් සොරාගත් කොළඹ මහාධිකරණයේම සේවයේ නිරත සේවකයින් දෙදෙනකුව කෙසෙල්වත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටියේ පදිංචිකරුවන් දෙදෙනෙකුවය.

    ඔවුන් අවුරුදු 27 සහ 31 යන වයස්වල පසුවන්නන්ය.

    ඉටිකවරවල බහා තිබුණු හෙරොයින් අඩංගුකවර දෙකක් මෙසේ සොරාගෙන ඇත.

    මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

    ඔබේ අදහස් දක්වන්න.