ජර්මන් රජය විසින් පසුගියදා එරට වෙත සංක්‍රමණික ශ්‍රමිකයින් ආකර්ශණය කරගැනීම සඳහා නව නීතියත් සම්මත කරගැනීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව මෙම නීතිය මගින් ඉදිරියේදී යුරෝපා සංගමයෙන් බැහැර රාජ්‍යන්ගේ සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට අපෙක්ෂිතය.
එහි එක් පියවරක් ලෙස මෙත් ජර්මනිය විසින් එරටට යුරෝපා සංගමයෙන් බැහැර රටවලින් පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයින් හට පනවා තිබූ දැඩි රෙගුලාසි ඉවත් කිරීමටද නියමිත බව වාර්තාවේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම නව ක්‍රමවේදය කැනඩාව මේවන විට අනුගමනය කරන ලකුණු මත පදනම් වු ක්‍රමවේදයට සමාන වූ වයස, කුසලතා, වෙනත් සුදුසුකම් සහ ජර්මනියට යම් සම්බන්ධයක් පවතින අනෙකුත් කරුනු සැලකිල්ලට ගැනීමට නියමිතය.
එහිදී වැටුප් මට්ටම්, අධ්‍යාපනය මට්ටම සහ ජර්මානු භාෂාව හැසිරවීමට ඇති හැකියාව යන නිර්ණායක මත ජර්මනියට පැමිණීමට ඇති හැකියාව වැඩි වනු ඇති බවටද වාර්තාවේ.
මෙහිදී තවත් සුවිශේෂී පියවරක් වන්නේ රැකියාවට පැමිණෙන තැනැත්තාගේ කාලත්‍රයා, දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට රැගෙන ඒමට අවස්ථාව හිමිවන බවටද අනාවරණයවේ.
ඒ අනුව මෙම නව නීතිය ජර්මානිය මෙතෙක් අනුගමනය කළ ප්‍රධාන ප්‍රතිපත්ති වල වෙනස් කිරීමකි.
ජර්මනිය වසර ගණනාවක් පුරාවට තමන් සංක්‍රමණිකයින් සඳහා වූ රටක් නොවන බවට මතකත් පවත්වාගෙන පැමිණි අතර එහ මෙම නව නීතියෙන් සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ගොස් ඇත.
මේවන විට ජර්මනියේ වයස් ගත ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එරට ශ්‍රම බලකාය සීඝ්‍රයෙන් පහළ යමින් පවතී එමෙන්ම එරට නව තරුණ පරම්පාරව ඇතැම් රැකියාවන් හී නිතර වීමට මැලිකමක් දක්වන බැවින් නව රැකියා අවස්ථාව මිලියනයකට අධික සංඛ්‍යාවක් නිර්මාණය වී තිබේ.
මෙම පවතින ශ්‍රම බලකායේ හිඟය හේතුවෙන් ජර්මනියේ ඇතැම් කර්මාන්ත සහ ව්‍යාපාර දැඩි අභියෝගයකටද ලක්ව ඇති බවට වාර්තාවේ. ඒ අනුව ඊට පිලියමක් ලෙස මෙම නව නීති සම්පාදනය කිරීමට ජර්මානු රජය පියවරගෙන ඇති බවද ජර්මානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.