කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිලධාරියෙකු විනය හේතූන් මත ස්ථාන මාරු කර සිටියදී දේශපාලන බලපෑම් මත එම ස්ථාන මාරුව අවලංගු කර ගෙන නැවත එම රෝහලට පැමිණ ඇතැයි සේවකයෝ චෝදනා කරති.
ළමා රෝහලට ත්‍යාග වශයෙන් ලැබුණු තුවා 20ක් සහ කොට්ට 7ක් අතර අස්ථානගත වීමේ සිද්ධියක් මත එම නිලධාරියා කොළඹ අක්ෂි රෝහලට මාරු කිරීමටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබිණ.
එහෙත් දේශපාලන හා වෘත්තිය සමිති නායකයෙකුගේ දැඩි බලපෑම මත එම නිලධාරියාගේ ස්ථාන මාරුව අවලංගු කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාට සිදුව තිබෙන අතර ඔහු ළමා රෝහලට නැවත පැමිණීමෙන් පරීක්ෂණ වලට බාධා එල්ලවන බව ද රෝහල් සේවකයෝ කියති.
එම නිලධාරියාට දූෂණ හා වංචා චෝදනා රැසක් එල්ලවී තිබෙන බවද රෝහල් සේවකයෝ පවසති.