fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බයිඩන් ආයෙත් ඇදවැටෙයි - යළි ජනපති වෙන්න බැරිවෙයි!

    බයිඩන් ආයෙත් ඇදවැටෙයි – යළි ජනපති වෙන්න බැරිවෙයි!

    ඇමරිකාවේ කොලරාඩෝ හි පැවති එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයේදී සහතින පත්‍ර ප්‍රදානය කරමින් සිටියදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පය පැටලී වේදිකාව මත ඇද වැටී ඇත.

    වේදිකාව මත ඇද වැටීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ අසල සිටි හමුදා නිලධාරීන් සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව ඔසවා තැබීමට කටයුතු කරනු ලැබීය.

    මේවන විට 80 හැවිරිදි වියේ පසුවන එක්සත් ජනපදයේ වයස්ගතම ජනාධිපතිවරයා වන බයිඩන් හට වේදිකාව මත ඇද වැටීමෙන් ඔහුට කිසිඳු ආබාදයක් සිවු නොමැති බවද ධවල මන්දිරය සඳහන් කරයි.

    මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී ගුවන් හමුදා ඇකඩමියේ පුහුණු නිමා කළ ශිෂ්‍යභටයින් 912 දෙනෙකු සිය සහතික පත්‍ර ලබාගත් අතර ඔවුන් සියලුම දෙනාටම ජනාධිපතිවරයා විසින් අතට අත දී සුබ පැතිම සිදු කලේය. එහිදී ජනාධිපතිවරයාහට පැය එකහාමාරකයට ආසන්න කාලයක් සිටිගෙන සිටීමටද සිදුව තිබේ.

    සිදුවීම සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ බෙන් ලාබෝල්ට් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති බයිඩන් අතට අත දෙන අතරතුර වේදිකාවේ වැලි කොට්ටයක් තිබු බවයි.

    කෙසේවෙතත් සිදුවීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි ජනාධිපතිවරයා මාධ්‍යෙව්දීන් වෙත සිනා මුසුණු මුහුණින් සිදුවීම හාස්‍යට ලක්කර තිබේ.

    මෙම සිදුවීමෙන් පසුව යලිත් වරක් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තබේ. ඔහු මීට පෙරද ඇද වැටීමකට ලක්වූ අතර තවත් අවස්ථා කීපයකදීම සිය ශරීරයේ සමබරතාවය ගිහිලියාම් වාර්තා විය.

    කෙසේ වෙතත් ජනාධිපති බයිඩන් හට නිරන්තරයෙන්ම තම කතාවේ ඉතිරි කොටස අමතවීම් දක්නට ලැබෙන අතරම ඔහුට නිවැරදිව වචන උච්චාරනය කිරීමට අපහසුවූ අවස්ථාවන්ද දැක ගැනීමට හැකියාව ලැබිණි.

    ඒ අනුව දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ජනාධිපති බයිඩන් සිය දෙවන ධුරකාලය සඳහා තරඟ කිරීමට නුසුදුසු බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.