fbpx
තවත්
    මුල් පිටුවspecialAI ගැන චීනයෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

    AI ගැන චීනයෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

    චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය විසින් මේ වනවිට සීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින කෘතිම බුද්ධි තාක්ෂණය ඉදිරියේදී දැඩි අවදානම්කාරී වියහැකි බවට අනතුරු අඟවා තිබේ.

    ඒ අනුව කඩිනමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසටද කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කර ඇත. චීන ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(30) පැවති රැස්වීමක් අතරතුර මෙය සාකච්ඡාවට බඳුන්විය.

    චීන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පැවති රැස්වීමෙන් අනතුරව නිර්මාණය වී ඇති නවතම අවදානම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.

    මෙහිදී, අදාල නිවේදනය මගින් අතිනවීන තාක්‍ෂණය ගෝලීය නායකත්වය අත්පත් කරගැනීමේ රජයේ අධිෂ්ඨානය අතර ඇතිකර තිබෙන අභියෝගාත්මක තත්ත්වය සහ එවැනි තාක්‍ෂණයන්ගෙන් සිදුවිය හැකි සමාජ හා දේශපාලන හානිය පිළිබඳ කනස්සල්ල පිළිබඳ අවධාරණය කර ඇත.

    මේ අතර කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාට ඇතිකරන අන්තරායන් පිළිබඳව මයික්‍රොසොෆ්ට් සහ ගූගල් හි ඉහළ මට්ටමේ විධායකයින් ඇතුළු එක්සත් ජනපදයේ විද්‍යාඥයින් සහ තාක්‍ෂණ කර්මාන්ත නායකයින්ගේ අනතුරු ඇඟවීමක් ද අදාල වාර්තාව අනුගමනය කළ අකාරයක්ද දක්නට ලැබෙන බවට විශේෂඥයන් පෙන්වා දෙයි.

    බීජිං හී පැවති මෙම රැස්වීමේදී “දේශපාලන ආරක්ෂාව සුරක්ෂිත කිරීමට සහ අන්තර්ජාල දත්ත සහ කෘත්‍රිම බුද්ධියේ ආරක්‍ෂක තත්ත්වය පාලනයට හා වැඩිදියුණු කිරීමට කැපවූ ප්‍රයත්නයන්ගේ අවශ්‍යතාවය” සාකච්ඡා කළ බවද ෂින්හුවා පුවත් සේවය පවසයි.

    “අපේ රට මුහුණ දී සිටින ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවල සංකීර්ණත්වය සහ බරපතළකම ඉහළ ගොස් ඇති බව එම රැස්වීමේදී අවධාරණය කෙරිණි. ජාතික ආරක්ෂක පෙරමුණ උපායමාර්ගික ආත්ම විශ්වාසය ගොඩනගා ගත යුතු අතර, ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් විශ්වාසයක් තිබිය යුතු අතර, තමන්ගේම ශක්තීන් සහ වාසි පිළිබඳව දැඩි ලෙස දැනුවත් විය යුතුය, ” යනුවෙන්ද ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබිණි.

    ChatGPT හි නර්මාතෘ සහ OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් සහ කෘතිම බුද්ධියේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන පරිගණක විද්‍යාඥයෙකු වන ජෙෆ්රි හින්ටන් මෙම සතියේ අඟහරුවාදා කෘතිම බුද්ධි ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ පළ කර ඇති ලිපියට අත්සන් කළ ප්‍රමුඛ පුද්ගලයින් බවට පත්ව තිබේ.

    “වසංගත හා න්‍යෂ්ටික යුද්ධය වැනි අනෙකුත් අවදානම් සමඟම කෘතිම බුද්ධි වෙතින් නිර්මාණය වී ඇති මානව සංහතිය වඳවී යාමේ අවදානම අවම කිරීම ගෝලීය ප්‍රමුඛතාවයක් විය යුතුය” යනුවෙන්ද එම ප්‍රකාශය පවසයි.

    මේ අතර ලොව ප්‍රමුඛ ධනවත් පුද්ගලයෙකු සහ තාක්ෂණ ලෝකයේ දැවන්තයෙකු වන ඊලොන් මස්ක් සහ පර්යේෂකයන් සහ තාක්ෂණවේදීන් දහසක වැඩි පිරිසක් මේ වසර මුලදී කෘතිම බුද්ධි සංවර්ධනය සඳහා මාස හයක විරාමයක් ඉල්ලා දීර්ඝ ලිපියක් අත්සන් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.