fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොමග-යවනසුලු මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමක්

    නොමග-යවනසුලු මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍යමය තත්ත්වය සම්බන්ධයෙන් 2022 මාර්තු 31 දින වන විට පළ වූ නොමග-යවනසුලු පුවත් කිහිපයක් පිළිබඳව එම සමාගම මෙසේ කරුණු පැහැදිලි කර තිබේ.

    මෙම වාර්තාවල දැක්වෙන අලාභයට, 2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රුපියල හදිසියේ අවප්‍රමාණය වීම හේතුවෙන් ශුද්ධ විදේශ මුදල් වගකීම් නැවත තක්සේරු කිරීමට සිදුවීම නිසා වාර්තා වූ රුපියල් බිලියන 142.6 ක විදේශ විනිමය අලාභයද ඇතුළත් වේ. සත්‍ය වශයෙන්ම, විගණනය කරන ලද මූල්‍ය වාර්තාවට අනුව සහ විදේශ විනිමය අලාභය සිදුවීමට පෙර, ශ්‍රීලංකන් සමූහය අදාළ වර්ෂය සඳහා රු. බිලියන 1.7 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරාම ගුවන් සේවාවන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී පැවති පසුබිමක් තුළ මෙය කැපීපෙනෙන ජයග්‍රහණයකි.

    පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති COPE කමිටු රැස්වීමේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම, 2023 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වූ විගණනය නොකරන ලද ඩොලර් මූල්‍ය වාර්තාව ඉදිරිපත් කළේ ය. මෙම මූල්‍ය වර්ෂය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 994 ක ආදායමක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 53 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත.

    මෙම වාර්තාවට අනුව, ශ්‍රීලංකන් සමූහයේ සමස්ත මෙහෙයුම් ලාභය ඇමරිකානු ඩොලර් මිලියන 104 කි. කෙසේ වුවද සමූහයේ මූල්‍ය පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 101 ක් වන අතර, ඒ අනුව ලාභය ඇමරිකානු ඩොලර් මිලියන 3 කි. මෙම අගයන් වසර අවසානයේදී සිදුකරනු ලබන ගිණුම් කටයුතුවලදී මඳ වශයෙන් වෙනස් වීමට ඉඩ ඇති නමුත්, ඇත්ත වශයෙන්ම දශකයකට ආසන්න ඉතිහාසයක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රථම වරට ආදායම සහ වියදම සමතුලිත කිරීමට සමත් වී ඇත.

    පසුගියදා පැවති COPE කමිටු රැස්වීමේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපතිතුමන් පැවසූ ආකාරයට, පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයට කිසිදු බාහිර මුදල් සැපයුමක් ලැබී නොමැති අතර, සමාගම ක්‍රියාත්මක වනුයේ තමන්ගේම මුදල් ප්‍රවාහය භාවිතයෙනි.

    ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ප්‍රමිතීන්ට අනුකූලව තම මෙහෙයුම් ආන්තිකයන් පවත්වා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත. 2022 වසරේදී මුහුණ දීමට සිදු වූ අභියෝග ජයගනිමින් රට ඉදිරියට යන අතරතුර මෙම ආන්තිකයන් වඩාත් යහපත් වනු ඇතැයි සමාගම විශ්වාස කරයි.

    COPE කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන ලද ආකාරයට, ශ්‍රීලංකන් ගුවන් සමාගමට මුහුණ දීමට සිදු වූ ඇති ප්‍රධානතම අභියෝග වන්නේ, රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය පහසුකම් සම්බන්ධ වියදම් අධික ලෙස ඉහළ යාම යන ගැටලු ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.