මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යමින් තිබෙන බව වෛද්‍යවරු පවසති.
ඩෙංගු උණ, ඉන්ෆ්ලූවන්සා වෛරස් උණ සහ මී උණ එම උණ වර්ග වන අතර ඒ තුනෙහිම ඇතැම් රෝග ලක්ෂණ සමාන බව වෛද්‍යවරු කියති.
හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බවද වෛද්‍යවරු පවසති.
ඒ අනුව මෙම උණ වර්ග තුනෙන්ම ඩෙංගු උණ තදින් පැතිර යමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව ද වෛද්‍යවරු සඳහන් කරති.