fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රෙඩිට් කාඩ් වංචාවලින් ගැලවෙන්නේ කොහොමද?

    ක්‍රෙඩිට් කාඩ් වංචාවලින් ගැලවෙන්නේ කොහොමද?

    ක්‍රෙඩිට් කාඩ් (Credit Card) වංචා සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ අනාවරණ සිදුවෙයි. ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරිම උදෙසා ඩුබායි හි මූල්‍ය අංශ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන ආර්ථික විශ්ලේෂක ජනිත චිරාත් මහතා සමාජ මාධ්‍යයේ තබා තිබු සටහනක් මෙසේ ය‍.

    මේ සතියෙ ලංකාවෙ Credit Card වංචා ගැන සෑහෙන post දැකපු නිසා පොඩි දෙයක් ලියන්න හිතුන. ඒ හැම Credit Card හොරකමකම පොදු සාධකය තමයි transaction එක කරන්න ගියාම card එක කඩේ cashierට හරි වෙන කාට හරි දීල.

    සාමාන්‍ය මිනිස්සුන්ගෙ වැරදි

    1. Card එක හැම තිස්සෙම තියෙන්නෙ ඕන අපේ අතේ. ඒක කාටවත් දෙන්න ඕන නෑ. ඕනම transaction එකකදි කිසිම shop එකකට card එක ඉල්ලන්න අයිතියක් නෑ.
    2. Card එක පිටිපස්සෙ තියන CSC/CVC number එක use කරල ඕනම transaction එකක් කරන්න පුලුවන්. ඒක අතිශය රහසිගත විදියට හැම තිස්සෙම තියාගන්න එක අපේ වගකීම.

    ලංකාවෙ Shopsවල වැරදි

    ගොඩක් ලංකාවේ පොඩි shops වගේම ලොකු super market chains වල තියෙන card reading devices එක්කො NFC වලන් card read කරන්නෙ නෑ නැත්නම් ඒවට read කරන්න පුලුවන් කියල cashier දන්නෙ නෑ. Card එක swipe කරන්නම වෙනව. සමහර POS වල NFC available card reader එකක් තිබුණත් එතන ඉන්න cashier ව train කරල නෑ. ඒ card reading device එකේ ඒ function එක තියෙනව card එක ළඟට ගෙනාව නම් ඇති swipe කරන්න ඕන නෑ. අඩුම ගානෙ ලංකාවේ ප්‍රධාන super market chains වල මේ update එක වෙන්න ඕන කියල ආණ්ඩුවෙන් නියාමනයක් වෙන්න ඕන.

    ලංකාවෙ බැන්කුවලින් issue කරන Cardsවල තියෙන අවුල

    Customersලට card එක physically use කරන්න ඕනම නෑ ඒක Apple/ Android walletsවලට add කලා නම් හරි. මගෙ HNB card එක තාමත් Apple Pay එකට add කරන්න බෑ. Card එක issue කරන බැන්කුව තාම ඒ payment gateway එකට compatible නෑ කියල error message එකක් එනව. මේවත් මහ බැංකුවෙන් හරි නියාමනය කරන්න ඕන දේවල්. අපේ නියාමන ආයතන business වලට අලුත් තාක්ෂණය adopt කරන්න encourage කරන්න ඕන.

    ඉතින් මේ හැමදේම වුණ දවසට average customer ට තියෙන ප්‍රශ්න ගොඩක් මග ඇරිල යාවි. සරල වංචා නැත්තටම නැති වේවි.

    ජනිත චිරාත් ආර්ථික විශ්ලේෂක

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.