fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණරට ඉදන් එන ජංගම දුරකතන සොරා ගැනීමේ ඡාවාරමක් හෙළිවේ

    රට ඉදන් එන ජංගම දුරකතන සොරා ගැනීමේ ඡාවාරමක් හෙළිවේ

    විදෙස් රටවල සිට මෙරටට එවන ජංගම දුරකථන ජාවාරමක නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ලොව ප්‍රධාන පෙළේ භාණ්ඩ ප්‍රවාහන සමාගම සේවකයින් හය දෙනෙක් ද අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    මෙරට සිටින පුද්ගලයෙකුට විදේශීය රටක සිටින පුද්ගලයෙකු විසින් එවන ලද ඇපල් වර්ගයේ දුරකථනයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ලැබුණු පසු එය අතුරුදන් වු බවට ලද පැමිණිල්ලක් මත අදාළ මෙහෙයුම සිදුකර තිබේ.

    එම දුරකථනය ලොව ප්‍රමුඛතම කුරියර් සේවාවක් යටතේ එවා තිබු බවත්, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙවැනි ඇපල් වර්ගයේ දුරකථන 19ක් පමණ සොරකම් කර ඇතැයි අනාවරණය වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    එම දුරකථනවලින් 16ක් ඊයේ දිනයේ දී සොයා ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ කුරියර් සේවයේ සුපවයිසර්වරු දෙදෙනෙක් හා එම ආයතනයට කම්කරු සේවය ලබාදෙන තවත් සේවකයින් කිහිපයක් අත්අඩංගුවට පත්ව තිබේ.

    “විමර්ශනයේ දී අනාවරණය වී තිබෙන්නේ, අදාළ කුරියර් සේවයේ පුද්ගලයින් එම පාර්සල් ලැබෙන්නේ කුමක් ද කියා ඔවුන් හට දැනුම් තිබෙනවා. ඒ අනුව ඔවුන් අදාළ කම්කරුවන් වෙත මෙය දැනුම් දීමෙන් අනතුරුව ගුවන් තොටුපොළේ සීසීටීවි නොමැති ස්ථානයක දී එම පාර්සල් කඩා එම සොරකම සිදුකරන බවටයි.“

    අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ (08) දින මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    අදාළ සැකකරුවන් විසින් සොරකම් කරන ලද දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බව අනාවරණය වී ඇත.

    සොරකම් කරන ලද දුරකථන මහනුවර, දිවුලපිටිය, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල දුරකථන අලෙවි කිරීමේ ස්ථානවල තිබී සොයා ගෙන තිබේ.

    කුරියර් සේවය යටතේ විදෙස් රටක සිට යම් පුද්ගලයෙකුට දුරකථනයක් එවා එය කටුනායක ගුවන් තොටුපොළේ දී අස්ථානගත ව ඇත්නම් පහත දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

    මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති – 071 402 40 42

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.