fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වයඹ පොලිස් ලොක්කෝ රැසක් විසිවේ

    වයඹ පොලිස් ලොක්කෝ රැසක් විසිවේ

    වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු පොලිස් ලොක්කෝ රැසකට පොලිස්පතිවරයා විසින් අද ස්ථානමාරු ලබාදී ඇත.

    මෙසේ ස්ථානමාරුලබාදී ඇති නිලධාරීන් අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, පුත්තලම කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, ආණමඩුව ප්‍රදේශයභාර සහකාර පොලිස් අධිකාරීවරයාත්, ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාත් සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයටත්, සෙසු නිලධාරින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටත් කාර්ය භාරයක් නොමැතිව මාරුකර යවා ඇති බව පොලීසිය කියයි.

    මෙම ස්ථානමාරුවීමට මුල්වී ඇත්තේ පසුගිය 22 වෙනිදා ආණමඩුවේදී නවගත්තේගම පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරයෙක්ට විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන් පිරිසක් පහරදී පැහැරගෙන ගොස් සුසාන භූමියට දමා ගියේ යැයි කියන සිදුවීම බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    විශේෂ කාර්ය බලකාය පාර්ශවයෙන් පවසනුයේ ගංජා වැටලීමකට ගිය අවස්ථාවේදී කොස්තාපල්වරයා අනවශ්‍ය ලෙස නිලධාරීන් සමඟ ගැටුමක් ඇතිකරගත් බවය. මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයේම චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    4 Comments

    1. ආනමඩුව පොලිස් බල ප්‍රදේශයේ මහා පරිමාන කේරල ගංජා වැටලීමක් සිදු කිරීමට යන අතර තුරදී මෙම ගැටලුවට වි.කා.බ නිලධාරීන් මුහුණ පා ඇති අතර එහිදි වි.කා.බ නිලධාරීන් ද රාජකාරියට බාධා කිරිම නිසා යන කරැන හේතුවෙන් පොලිස් ස්ථානය වෙත පැමිනිලි කර තිබියදී පවා මෙම වි.කා.බ නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. තවද සියලුම මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරැනු ලබන්නේද වි.කා.බ නිලධාරින් වේ මේ හේතුවෙන් විමර්ශනයක් පොලිස්පති තුමාගේ සෘජු අදීක්ශනය යටතේ දැනටමත් ක්‍රියාත්මකයි සමහරක් පොලිස් නිලධාරීන්ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් සමග සමීප සබදතා පවත්වනු ලබයි

    2. විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් නීතිය අකුරට කිරිමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මිත්‍රත්වයන් පවත්වන සමහරක් පොලිස් නිලධාරීන්ට එය ඉවසාගත නොහැකිව මෙසේ ක්‍රියා කරයි

    3. විශේෂ කාර්ය බලකාය යනු නීතිය හරියාකාරව සිදු කරන කීරිතිමත් ආයතනයක්. මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ට වි⁣ශේෂ කාර්ය බලකායෙන් කිසිදු අවස්ථාවකදි ගැලවීමක් නැත.කනගාටුවට කරැණ සමහර පොල්ස් නිලධාරීන් ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වීමයි.

    ඔබේ අදහස් දක්වන්න.