fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි

    පුංචි ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි

    පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

    දේශපාලන පක්ෂවල පක්ෂ වල ලේකම්වරුන් සමග මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට අදහස් හා යෝජනා ලබා ගෙන තිබූ අතර, ඒ අනුව එම කොමිසම තීරණය කර ඇත්තේ ඉදිරි දිනයක ඡන්ද විමසීම පැවැත්වීමට ය.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කළේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ අදහස් හා යෝජනා සලකා බලා නීති පිළිබඳව ද අධ්‍යයනය කොට ඡන්ද විමසීමේ දිනය සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී තීරණයකට එළඹෙන බව ය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.