fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්GIT විභාගය ගැන දැනුම්දීමක්

    GIT විභාගය ගැන දැනුම්දීමක්

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) විභාගයට මෙවර අයදුම් කිරීමට නොහැකි වූ සිසුන්ට ලබන වසරේ දී එම විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.

    මේ අතර 2019-2020- 2021 සහ 2022 යන වසරවලදී 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට (18) පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    එම විභාගය විභාග මධ්‍යස්ථාන 3269කදී පැවැත්වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.