fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ කොමිසම අද ගත් තීරණය

    මැතිවරණ කොමිසම අද ගත් තීරණය

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන දේශපාලන පක්ෂ ලේකම්වරු සමඟ සාකච්ඡාවක් ලබන 23 වනදා පෙරවරු 10.00ට පැවැත්වීමට ද මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

    එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ විසින් විගණනය කරන ලද පක්ෂයේ ගිණුම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමට අද (16) දින සිට දින 14ක කාලයක් ලබා දී දී ඇත.

    එම ගිණුම් ප්‍රකාශ ලබා දීමට කටයුතු නොකරන පක්ෂවලට එරෙහිව කොමිසමට ඇති බලතල අනුව පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ඇති හිමිකම් අවසන් කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසයි.

    අද (16) කොමිසම රැස්වූ අවස්ථාවේදී මෙම තීරණ ගෙන ඇත.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.