fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉතාලි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

    ඉතාලි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන රීටා ජුලියානා මැනෙලා මහත්මිය ඊයේ (15) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.

    ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ඉතාලි තානාපතිවරිය ප්‍රමුඛ දූත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් සමඟ සුහද කතාබහක නිරත විය.

    මෙහිදී ජෙනරල් ගුණරත්න සහ මැනෙලා මැතිනිය, දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව සහ අන්‍යෝන්‍යය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සංචාරක ආකර්ෂණ ස්ථාන සබැඳිව ඇයගේ විශේෂ අවධානය යොමුවිය.

    මේ අතර, ඉතාලි ආරක්‍ෂක උපදේශක කැප්ටන් ෆැබියෝ සිමා (Captain Fabio Cima) සහ ආරක්‍ෂක ලේකම්, දෙරට හමුදා අතර පුහුණු හුවමාරු වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ද සාකච්ඡා කළහ.

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගි විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.